
2010 වසරෙ අප්‍රේල් 20 වැනිදා මෙක්සිකෝ ගල්ෆ් මුහුදු තීරයෙ තෙල් කැණීම් කරමින් තිබුන ඩීප්වෝටර් හොරයිසන් නැමැති ගැඹුරු මුහුදේ බොරතෙල් කැනීම් සිදුකරන අට්ටාලයේ සිදුවුන පිපිරීමක් නිසා ඉතිහාසයේ සිදුවන විශාලතම පරිසර හානිවලින් එකක් වෙන ඩීප් වෝටර් හොරයිසන් කියන පරිසර කේදවාචකය සිදුවුනා. කොහොමද මේක සිදුවුනේ ? මෙයට වගකිවයුත්තේ කවුද ? මේ ලිපියෙන් ඒ පිලිබඳව විමසා බලමු.
ධනවාදී ප්‍රතිපත්තිය
එවකට ඇමරිකානු ජනාධිපති වුනේ බැරැක් ඔබාමා. ඔහු විසින් 2010 මාර්තු 31 වැනිදා දශක දෙකකට වැඩි කාලයක් තිස්සෙ ගැඹුරු මුහුදේ තෙල් කැනීම සඳහා පනවා තිබ්බ තහනම අයින් කරනවත් එක්කම අත්ලාන්තික් හා ඇලස්කානු සාගර කලාපයේ මෙන්ම ෆ්ලොරිඩා වෙරළින් ඈත ගැඹුරු මුහුදේ තෙල් කැණීමට වර්ග කිලෝමීටර් මිලියනයකට ආසන්න සාගර ප්‍රදේශයක් වෙන් කරනවා. බොරතෙල් කියන්නෙ පොසිල ඉන්ධනයක්. ඒ වගේම පොසිල ඉන්ධන කියන්නෙ පෘතුවිය ඇතුලෙදි ලබාගන්න පුලුවන් ලාදායීම ඉන්ධනයක්. තමන්ගෙ මැතිවරන ව්‍යාපාරෙදි මේ ගැඹුරු මුහුදේ සිදුකරන තෙල් කැනීම් ගැන ඔබාම විසින් ධනාත්මක ආකල්පයක් දැකවූවෙ නැතත් මැතිවරනයෙන් පස්සෙ මේ හරහා එක්සත් ජනපදයට විශාල ආදායමක් අත්වන නිසා ඔබාමාගෙ කැමැත්ත මේකට හිමිවුනා.
විනාශයේ පටන්ගැන්ම
ඩීප්වෝටර් හොරයිසන් කියන්නෙ මුහුදු මට්ටමේ ඉඳල කිලෝමීටර් නවයක් දක්වා බොරතෙල් කැණීම් කරන්න පුලුවන් පද්ධතියක්. දකුනු කොරියානු සමාගමක් වෙන හුන්ඩායි සමාගම විසින් 2001 වසරෙදි නිර්මාණය කරපු මේ යන්ත්‍රය එතෙක් මෙතෙක් කරපු දැවැන්තම තෙල් කැණීම් යන්ත්‍රවලින් එකක් විදිහට සඳහන් වෙනවා. ඇමරිකානු සමාගමක් වෙන ට්‍රාන්ස්ඕෂන් සමාගම තමයි මේ යන්ත්රෙය හිමිකාරීත්වය දරන්නෙ. ගල්ෆ් මුහුදු තීරයෙ ගැඹුරු මුහුදෙ කැනීම් කරමින් සිටියදි මේ යන්ත්‍රය හරහා ගමන් කරපු මීතේන් වායු බුබුලක් හරහා පිපිරීමක් සිද්ධ වෙනවා. මේ වෙද්දි මේ ප්‍රදේශය තුළ 130 කට ආසන්න පිරිසක් රැඳිල ඉන්නව. පිපිරීමත් එක්කම මේ සම්පූර්න අට්ටාලයම සම්පූර්නයෙන්ම ගිනි ගන්න පටන් ගන්නවා. මේ ගින්න පැතිරෙද්දි මේ අට්ටාලය තුල හිටපු සේවකයන් 11 දෙනෙක්ට අවාසනාවන්ත විදිහට මියයන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේකෙන් තව 17 දෙනෙක් තුවාළ ලබල බේරුන අනිත් පිරිසත් එක්ක අට්ටාලයෙ නවතා තිබුන ජීවිතාරක්ෂක නෞකාවක් ආදාරයෙන් තමන්ගෙ ජීවිත ගලවගන්නවා.
මේ අනතුරෙන් දින කිහිපයකට පස්සෙ ගිනි ගනිමින් තිබුන ඩීප්වෝටර් හොරයිසන් පද්ධතිය මුහුදුබත් වෙනවා
තෙල් කාන්දුව
මේ විදිහට අට්ටාලය මත තිබුන සේරම ගිනිඇරගෙන විනාශ වුනත් තෙල් නිදිවලින් තෙල් ගලාගෙන ඒම නතර උනේ නෑ. මේ නිසා මුහුද මතුපිට සම්පූර්නයෙන්ම තෙල් තට්ටුවකින් වැසීගියා. මාස කිහිපයක් ඇතුලත බොරතෙල් ලීටර් මිලියන සිය ගණනකින් වර්ග කිලෝමීටර් දහස්ගණනක මුහුදු ප්‍රදේශයක පැතිරී ගිහිල්ලා ඇමරිකාවේ ලූසියානා, ඇලබාමා, මිසිසිපි, ටෙක්සාස් සහ ෆ්ලොරීඩා වෙරළ තීරයන් වලට විශාල බලපෑමක් එල්ල කලා
පරිසරයට සිදුවූ බලපෑම
තැඹිලි පැහැති තෙල් තට්ටුවකින් සම්පූර්න මුහුදු ප්‍රදේශයකට සහ වෙරළ තීරයන්ට බලපෑම් එල්ල වෙද්දි, මේ විනාශය නිසා සමුද්‍ර ජීවින් සහ මුහුද ආශ්රිත ක්‍රියාකාරකම් බොහොමයකටත් මේකෙන් බලපෑම් එල්ලවුනා. තල්මසුන්, ඩොල්ෆින්ස්ල, කැස්බෑවන් මුහුදු ඇල්ගී සහ කොරල් පරවලට සහ තවත් විශාල ආවේනික හා අනිතුත් ජීවීන්ට සහ පරිසර පද්ධති වලට විශාල හානියක් සිදුවුනා. මුහුදෙ තැන්තැන්වල ගොඩගැහිල තිබුන තෙල් තට්ටු ඉවත් කිරීම සඳහා භාවිත කරපු විශ සහිත රසායන නිසාත් ලොකු පරිසර දූෂනයක් සිදුවුනා කියල වාර්තා වල සඳහන් වෙනවා
වගකීම
මේගැන චෝදනාව බොහෝ පාර්ශව එල්ලකරන්නෙ ඇමරිකානු රජයට. අධික ලාභ ලබාගැනීම සඳහා සිදුකරන ක්‍රියාකාරකම් නිසා මේදේ සිදුවුනා කියල තමා චෝදනා කරන්නෙ. ඒ වගේම මේ ඩීප්වෝටර් හොරයිසන් පද්ධතිය භාරව තිබුන ට්‍රාන්ස්ඕෂන් සමාගමට සහ බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාගමටත් එක ලෙසම චෝදනා එල්ලවෙනවා.

මේ කතාව පාදක කරගෙන 2016 දි Peter Berg අධ්‍යක්ෂනය කරපු Deepwater Horizen චිත්‍රපටය නිකුත් කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 120 ක ආදායමක් ලබාගන්නත් සමත් වෙනවා.
1 Comments
<3
ReplyDelete