
Payoneer සමාගමෙන් විතරක් නෙවෙයි Fiverr සහ Payoneer සමාගම් එකතු වෙලා Fiverr Seller ලටත් එයාලගෙ මුදල් ලබාගන්න Wirecard සමාගම හරහා කාඩ්පත් නිකුත් කරනවා. Fiverr Sellers ලට තමන්ගෙ Fiverr Balance එකෙන් මේ කාඩ් එකට මුදල් Transfer කරල ඒව සාමාන්‍ය විදිහට ATM යන්ත්‍ර මගින් ලබාගන්න හැකියාව මේ හරහා හිමිවුනා.
ඊයේ දවසෙ උදේ වෙද්දි මේ කාඩ්පත් භාවිත කරන අයට Email එකක් ලැබුන UK Financial Conduct Authority එක විසින් මේ කාඩ්පත් වල තියෙන මුදල් තාවකාලිකව රඳවාතබාගැනීමකට යටත්කරනව කියල. මේ රඳවාතබාගැනීම Payoneer Master කාර්ඩ් එකට වගේම Fiverr Revenue Card එකටත් අදාල වුනා. BBC සේවයෙන් කියන විදිහට U නමින් හඳුන්වන ගිනුම් හිමියන් සඳහාත් මෙය අදාල වෙනවා.
ඇයි මේ
Wirecard AG කියන්නෙ ජර්මනි සමාගමක්. Wirecard UK වල සිදුවෙලා තියෙන ඩොලර් බිලියන දෙකක මූල්‍ය වංචාවක් නිසා තමයි මේ විදිහට බ්‍රිතාන්‍ය රජය විසින් Wirecard හරහා සිදු කරන මුදල් හුවමාරු අවලංගු කරල තියෙන්නේ. මේ වෙද්දි මේ සමාගමේ ඉහළ නිලයන් කිහිපයක්ම අත්අඩන්ගුවට ඇරන් තියෙනවා. මේ නිසා කාඩ්පත් දරන්නන්ට දැනට මේ කාඩ් එක සඳහා බැර කරල තියෙන මුදල් වල තමා ගැටලුව ඇතිවෙලා තියෙන්නේ.
කොහොම උනත් මේක ගොඩක්ම බලපාල තියෙන්නෙ Fiverr Revenue Card එකට සල්ලි Withdraw කරල තිබ්බ අයට. මොකද මේ වෙද්දි ඒ Account වල තිබ්බ මුදල් රඳවාතබාගැනීමකට යටත් කරල තියෙනවා. නමුත් බ්‍රිතාන්‍ය රජයෙන් මේකට ඉක්මනට විසඳුමක් දෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්
Payoneer සහ Fiverr
Payoneer සමාගමෙන් මේ වෙනකොට කියල තියනවා මුදල් පිලිබඳ කිසිම ගැටලුවක් කරගන්න එපා කියල. ඒ වගේම එයාලගෙ සහ Fiverr වල තියෙන Bank Withdrawal සාමාන්‍ය විදිහට වැඩ කරනව කියලත් කියල තියෙනවා. Payoneer ලගෙ තියෙන EzCash Withdrawal පහසුකමක් ඉතා හොඳින් වැඩ කරනව කියල තමයි ආරංචි මාර්ග වලින් කියන්නෙ.
කොහොමඋනත් මේ චේච දේ නිසා Wirecard සමාගමේ කොටස් වෙළඳපොල අගය 60% කින් විතර බැහැල තියෙනවා. Wirecard අනාගතය කෙසේ වෙතත් දැනට ඒ සමාගම යටතේ තියෙන මුදල් ටිකවත් ලබාගන්න විදිහක් තිබුනොත් හොඳයි
0 Comments