Paypal ලංකාවට

PayPal Australia introduces a new $6 fee for overseas money ...

Paypal කියන්නෙ පහුගිය කාලෙ ලංකාවෙ Online Earning සම්බන්ද සමූහ වල වැඩිපුරම කතා වෙච්ච සහ වෙන මාතෘකාවක්. ඒ වගේම මේක දේශපාලනික කාරනා සඳහාත් යොදාගන්නව අපිට දකින්න ලැබුනා. මොකක්ද මේ Paypal කියන්නෙ ? ඇයි මේක මෙච්චර වැදගත් ? අපි අද කතා කරමු මේ ගැන.

මොකක්ද මේ Paypal ?

Elon MuskPeter ThielMax LevchinKen HoweryLuke NosekYu Pan යන අය එකතු වෙලා 1998 දි Paypal සමාගම ආරම්භ කලේ තාක්ෂනයේ දියුනුවත් සමගින් මිනිසාගේ මුදල් හුවමාරු කිරීමේ ක්‍රම ඉක්මන් සහ ආරක්ෂාකාරී කිරීමේ අරමුනින්. මූලිකව මේ Paypal සේවාව භාවිත උනේ PDA කියන මූලික සුහුරු උපාන්ග වල. මේ වෙද්දි ලෝකෙ පුරා රටවල් සියගනනක් අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කරන්න මේක පාවිච්චි කරනව වගේම මේක ලෝකෙ අන්ක එකේ මාර්ගගත මුදල් හුවමාරු ක්‍රමය බවටත් පත්වෙලා තියෙනවා.

PDA - Personal Digital Assistant
PDA - Personal Digital Assistant

ඔබේ Credit/Debit කාඩ්පත ඔබේ Paypal ගිනුමට සම්බන්ද කරල ඔබට අන්තර්ජාලය හරහා ගෙවීම් සිදුකරන්න පුලුවන්. ඒ වගේ Paypal Buyer Protection එක මගින් ඔබගේ මුදල් ආරක්ෂාකාරී ලෙස හැසිරවීමට හැකිවීමත් Paypal සමාගමේ මේ ප්‍රසිද්ධියට හේතු වෙලා තියෙනවා.

ලංකාවට නැද්ද ?

Paypal ලංකාවට තියෙනවා. හැබැයි දැනට ලංකාවෙදි කරන්න පුලුවන් Payment Send කරන එක විතරයි. Paypal සමාගම විසින් තාම වෙනත් Paypal එකකින් මුදල් ලංකාවට ගෙන්වාගැනීමට වැඩපිලිවෙලක් සකස් කොට නැහැ. ඒ කියන්නෙ Paypal Wallet එහෙමත් නැත්නම් ඔබේ Paypal ගිනුමේ මුදල් තබා ගැනීමට හෝ වෙනත් කෙනෙක්ගෙන් ලංකාවට මුදල් ගෙන්වාගැනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒක නිසා ව්‍යාපාරිකයන් සහ වෙනත් රටවල් වලට සේවා සපයන අය විශාල ගැටලුවකට මුහුනපාල ඉන්නවා. ඒ හේතුව නිසා තමයි Paypal Receive Money පහසුකම ලංකාවට ගන්න මේ පිරිස් වෙහෙසෙන්නෙ.

ඇයි Paypal ?

මේ Paypal නිසා, අත්වන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒවයින් කිහිපයක් විදිහට
  • දැනට Freelancing වෙබ් අඩවි මගින් සේවා සපයන්නන්ට පහසුවෙන් මුදල් ගෙන්වාගැනීමට හැකිවීම
  • Ecommerce ව්‍යාපාරයන් ආශ්‍රිත නීතිරීති ලිහිල් වීම 
  • අන්තර්ජාතික වෙළඳපොල තුල ගනුදෙනු කිරීම පහසු වීම
  • යම් මට්ටමකින් විදේශ විනිමය ගෙන්වීමේ හැකියාව වැඩිවීම
වගේ දේවල් හඳුන්වන්න පුලුවන්. ඉතින් මේ පාර්ශවයන් විසින් ගොඩක් උත්සහ දරනවා Paypal පහසුකම ලංකාවට ගෙන්න ගන්න.

PayPal is Rolling Out its Ecommerce Solution to All Businesses ...
Paypal In Ecommerce Industry


Paypal නැත්තෙ ඇයි ?

Paypal සමාගමෙන් මේ ගැන ඇහුවම ප්‍රධානතම හේතුව විදිහට කියන්නෙ ලංකාවෙ Online Transaction වල හිඟය. ඒ වගේම ශ්‍රී ලංකා මහබැන්කුවෙ නීතිරීති ඉතා තද වීම සහ මුදල් විශුද්ධිකරනය සම්බන්දව යම් කළුපැල්ලමක් තිබීමත් Paypal සමාගමෙන් කරුනු විදිහට දක්වල තියෙනවා.

Paypal වෙනුවට

XOOM කියන්නෙ Paypal සමාගමට අයත් අනු සමාගමක්. මේ සේවාව හරහා පහසුකම් සලසල දීල තියෙනවා වෙනත් රටක Paypal Account එකක් මගින් ශ්‍රී ලංකාවෙ බැන්කු ගිනුමකට මුදල් ලබාගන්න. ඒ සඳහා ඒ සමාගමෙන් ගාස්තුවක් අය කරනවා සහ HNB සහ සම්පත් බැන්කු ගිනුම් වලට ක්ෂනිකයෙන් මුදල් ලබාගන්න පුලුවන්.

කොහොමඋනත් මේ ගැන දැනට පාර්ශව කිහිපයකින්ම Paypal සමාගම සහ ශ්‍රී ලංකාවෙ මේ ගැන වගකියවයුතු පාර්ශව එක්ක සාඛච්ඡා කරමින් පවතින නිසා අපිට මේ ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්නනම් පුලුවන්.

Post a Comment

0 Comments