Drone ගැන දැනගමු

22 Drone HD Wallpapers | Background Images - Wallpaper Abyss

Drones කියන්නෙ අද වෙද්දි ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය දෙයක්. විනෝදාස්වාදය සඳහා භාවිත කරන Mini Drone වල ඉඳල යුදමය කටයුතු සඳහා භාවිත වල MQ-9 Reaper වගේ ඩ්‍රෝන යානා දක්වා මේ ක්ෂේත්‍රය විහිදිලා තියෙනවා. මේ ලිපියෙන් ඔයාලට කියලදෙන්නෙ, සාමාන්‍ය පාවිච්චියෙ තියෙන ඩ්‍රෝන් ගැන ඔබ දැනගත යුතුම කරුනු කිහිපයක්.

මොනවද මේ Drone කියන්නෙ

ඉංග්‍රීසි භාෂාවෙදි Drone කියන්නෙ පිරිමි මීමැස්සට. Drone එකකින් එන මීමැස්සෙක්ගෙ වගේ ශබ්ධය නිසා ඒ නම ලැබුන කියල අපිට හිතන්න පුලුවන්. මෝටර් කිහිපයක් මාර්ගයෙන් ඒවට සම්බන්ධ කරල තියෙන පෙති කරකවල ඒ මගින් ඇති කරන බලයෙන් මේ Drone වලට අහසෙ රැඳී සිටින්නට සහ චලනයන් සිදුකරන්න හැකියාව ලැබෙනවා. කොහොම උනත් මේ දේවල් සිදු කරන්න Drone එකක් ඇතුලෙ ගොඩක් තාක්ෂනික ක්‍රියාකාරකම් සිදුවෙනවා. දුරස්ත පාලකයේ සිට රේඩියෝ සංඛ්‍යාත හරහා Drone යානයට හැසිරවීමට අදාල දත්ත ලබාගෙන, ඩ්‍රෝන යානයේ ඇති සන්වේදක මගින් ලබාගන්නා තොරතුරු කුඩා පරිඝනක ගනනය කරල තමා මේ ඩ්‍රෝන යානා පාලනය සිදුවෙන්නෙ. කොහොමඋනත් ඩොලර් 5 සිට 20 දක්වා පමන වන ඩ්‍රෝන යානා වල සංකීරන පරිපථ දකින්නට නැහැ නමුත් සාමාන්‍ය පාලනයකට අවශ්‍ය පහසුකම් ඒවයෙහි සලසා තියෙනවා.

Drone වර්ග

Drones වර්ග කරද්දි ක්‍රම කිහිපයකට වෙනවා. අන්තර්ජාතික සම්මතයන් අනුව Drone වර්ග වෙනවා වගේම ශ්‍රී ලංකාවෙ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පනවල තියෙන ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන Drone සම්බන්ධ නීති අනුවත් අපි මේ Drone වර්ග කරනවා

මූලිකවම මේව වෙළඳපොලෙන් ගන්නකොට එන විධි කිහිපයක් තියේ
  • RTF ( Ready To Fly ) - මේක සාමාන්‍යෙයන් වෙළඳපොලේ තියෙන ඩ්‍රෝන් වර්ගයක්. මේකක් ඇරන් ඔයාට සාමාන්‍ය විදිහට මේකත් එක්ක ලැබෙන දුරස්ත පාලකය මගින් මේක පාලනය කරන්න පුලුවන්
  • BNF ( Bind And Fly ) - මේ වර්ගයේ ඩ්‍රෝන් එකක් මිළදී ගන්නකොට ඔයාට දුරස්ත පාලකයක් ලැබෙන්නෑ. ඔයාට මේකට වෙනම දුරස්ත පාලකයක් මිළදී ඇරගෙන ඒක ඩ්‍රෝන් එකත් එක්ක සම්බන්ධ කරල පාවිච්චි කරන්න වෙනව එහෙමත් නැත්නම් Drone එක Wifi හෝ Bluetooth සඳහා සහය දක්වනවානම් ඔයාගෙ Phone එකත් එක්ක සම්බන්ද කරල පාවිච්චි කරන්න පුලුවන්
  • ARF - මේකෙදි ඔයාට හම්බවෙන්නෙ ඩ්‍රෝන් එකක් හදන්න අවශ්‍ය දේවල් තියෙන උපකරන කට්ටලයක්. ඉතින් ඔයාට මේකක් ඇරන් හදන්නනම් අනිවාර්යෙන්ම යම් තාක්ෂනික දැනුමක් අවශ්‍යයි

ඒ වගේම මේ ඩ්‍රෝන් පාවිච්චි කරන කාර්යයන් වලට අනුවත් වර්ග කරනවා
  • Camera Drone - ඉහළ මට්ටමේ වීඩියෝ ලබාගත හැකි කැමරාවක් එක්ක වීඩියෝකරනය සඳහා නිපදවල තියෙන මේ ඩ්‍රෝන් තරමක ඉහළ මිළ පරාසයන් වල තමයි තියෙන්නේ. සන්වේදක මගින් ඉතා සුමට ලෙස පාලනය කරන්න පුලුවන් මේ ඩ්‍රෝන් වල මිළ රුපියල් පනස්දහසෙ විතර ඉඳළ පටන් ගන්නවා
  • Racing Drone - අද වෙනකොට ජාත්‍යන්තරය තුල මේ Drone Racing කියන දේ ජනප්‍රිය වෙමින් තියෙනවා. ඉතින් මේකෙ නමේ හැටියටම Racing සඳහා භාවිත කරන්න පුලුවන් High Speed Drones තමා මේ වර්ගෙට අයත් වෙන්නෙ 
  • Toy Drone - සාමාන්‍යෙයන් රුපියල් දහසෙ වගේ මිළගනන් වල ඉඳල තියෙන කැමරා රහිත රළු භාවිතයට ඔරොත්තු දෙන කුඩා ඩ්‍රෝන් මේකට අයත් වෙනවා

ඩ්‍රෝන් එකක එන මෝටර් ගනන අනුවත් මේවයෙ නම් මේ විදිහට වෙනස් වෙනවා
  • Bicopter
  • Tricopter
  • Quadcopter
  • Hexacopter
  • Octocopter

මම කලින් කියපු විදිහටම. ලංකාවෙ නීති අනුවත් මේ ඩ්‍රෝන් වර්ග කරල තියේ. ඒ ඒවයෙ බර සහ පහසුකම් අනුව
  • Category A
  • Category B
  • Category C
  • Category D

Drone එකක් ගන්න කලින්

ඩ්‍රෝන් එකක් ගන්න කලින් ඔයා ගන්න යන ඩ්‍රෝන් එක ගැන බලන්න ඕනෙ කරුනු කිහිපයක්ම තියේ.

Flight Time එක

මේක ඔයා ඔයාගෙ ඩ්‍රෝන් එක පාවිච්චි කරන අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. ඔයා ඩ්‍රෝන් එක පාවිච්චි කරන්නෙ Commercial Use සඳහානම් ඔයාට විනාඩි තිහක වගේ ෆ්ලයිට් ටයිම් එකක් තියෙන DJI Mavic, DJI Phantom වගේ ඩ්‍රෝන් එකක් ගන්න එක ගොඩක් සුදුසුයි. ඔයා විනෝදාංශයක් විදිහට හරි පුරුදු වෙන්න හරි ඩ්‍රෝන් එකක් හොයනවනම් විනාඩි 15 ක වගේ ෆ්ලයිට් ටයිම් එකක් තියෙන ඩ්‍රෝන් එකක් හොඳටම ප්‍රමානවත්

Range එක

Range එක කියන්නෙ ඔයාට මේ ඩ්‍රෝන් එක කොච්චර දුරක ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද කියන එකත සාමාන්‍යෙයන් මේක 10M උපරිම දුරක ඉඳල යුධමය කටයුතු වලදි ලෝකය පුරා ඕනෑම තැනක සිට Control කරන්න පවා අවස්තාව තියෙනවා.

Stability එක

විනෝදාස්වාදය සඳහා මේක එච්චර වැදගත් නොවුනත් වීඩියෝකරනය සඳහා ඩ්‍රෝන් එකක් තොරගනිද්දි මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද ඔයා ගන්න ශොට් එකේ කොලිටි එක තීරනය වෙන ප්‍රදානම සාධකයක් තමා මේ ස්ටැබිලිටි එක.

Royalty-Free photo: White drone | PickPik

ලංකාවෙ නීති

මෑතක් වෙනකල්ම ලංකාවේ ඩ්‍රෝන් ගැන තද නීති තිබ්බෙ නැති වුනාට රුවන්වැලි මහා සෑයට මේ ඩ්‍රෝන්යානයක් නිසා සිදුවෙච්ච හානියත් එක්ක ලංකාවෙ සිවිල් ගුවන් සේවා අධිකාරියෙ අවධානය මේ වෙත යොමුවුනා. එතනින් පස්සෙ බර ග්‍රෑම් 200ට වැඩි හැම ඩ්‍රෝන් එකක්ම ලියාපදිංචි කරන්න ඕනෙ කියල නීතියක් ගෙනාව. ඒ වගේම ඒක එලවන පුද්ගලයට අනිවාරෙන්ම ඒ සඳහා නියමු බලපතුයකුත් ලබාගත යුතුයි කියල CAA එක කියනවා.

File:Isurumuniya drohnenflugverbotsschild.jpg - Wikimedia Commons

මෙතනින් පස්සෙ අප්‍රේල් 21 ප්‍රහාරය සිද්ධ වෙනවා. ඇතිවුන අවධානම සලකල බලල ආරක්ෂක අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවට අයත් අහසෙ අනුමැතියකින් තොරව කිසිම ඩ්‍රෝන් යානයක් පියාසර කරන එක තහනම් කලා. මේ වෙනකොට ඒ තහනම ඉවත් කරල තිබ්බත් අදාල අංශ වල අනුමැතියකින් තොරව හිතුමතේට ඩ්‍රෝන් පියාසරකරොත්නම් අනිවාරෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා.

Drone එකක කොටස්

මේක ඩ්‍රෝන් එකෙන් ඩ්‍රෝන් එකට වෙනස් වුනත් ගොඩක් Drone වල මේ කියන කොටස් කිහිපය වෙන් වෙන්ව හෝ සමාගම විසින් එක්කරපු පරිපතයක් විදිහට දකින්න ලැබෙනවා

Quadcopter Parts: What are they and what do they do? – Quadcopter ...
  • Flight Controller එක - පරිඝනකයක මව්පුවරුව වගේ ඩ්‍රෝන යානයේ හදවත වෙන්නෙත් මේක. මූලිකව අඩන්ගු වෙන්න ඕනෙ සන්වේදක, මෝටර් පාලනය කරන්න පහසුකම්, රිසීවරයෙන් දත්ත ලබාගන්න සහ ඒ සෑම දත්තයක්ම එකතු කරල ගනනය කිරීම් කරන්න Microcontroller වගේ ගොඩක් දේවල් මේ ෆ්ලයිට් කන්ට්‍රෝලර් එක ඇතුලෙ තියෙනවා. ෆ්ලයිට් කන්ට්‍රෝලර් එකක් නැතුව Drone එකක් පාලනය කරනව කියන්නෙ ගොඩක්ම ගොඩක් අපහසු ක්‍රියාවක්
  • Motor - ඩ්‍රෝන් එකක අත්‍යවශ්‍යම මූලික අන්ගයක් තමා මෝටර් සහ ප්‍රොපෙලර් කියන්නෙ. KV අගයෙන් මනින මේ මෝටර් වල බලය ඩ්‍රෝන් එකෙන් ඩ්‍රෝන් එකට වෙනස් වෙනවා 
  • Battery - Drone වලදි ගොඩක්ම භාවිත වෙන්නෙ ඉතා සැහැල්ලු lithium polymer battery. මේවයෙ තියෙන සැහැල්ලු බව සහ පවර්ෆුල් බව නිසා මේව Drone සහ Model Aircraft සඳහාම විශේෂයෙන් භාවිත වෙනවා
  • RX/TX - Transmitter එක එහෙමත් නැත්නම් රිමෝට් එක සහ ඒකෙන් දෙන සිග්නල් එක ලබාගන්න ඩ්‍රෝන් එකේ තියෙන පරිපථය තමා RX And TX කියන්නෙ.

ගන්න හොඳ Drones

උඩ කියපු කාරනත් එක්ක මේ වෙනකොට වෙළඳපලේ ගන්න හොඳ Drones කිහිපයක්ම තියේ. එතනින් කිහිපයක්ම DJI කියන ලෝක ප්‍රසිද්ධ Brand එකේ Product.
  • DJI Phantom 4
  • DJI Mavic Pro
  • DJI Spark
  • DJI Mavic 2
  • DJI Inspire 2
  • Parrot Bebop
  • DJI Mavic Mini
ඩ්‍රෝන් ගැන කියන්න තියෙන්නෙ ඔය ටික තමා. කොහොමඋනත් ලංකාවෙ මේ ගැන නීති තදවෙන්න හේතු උනේ අක්‍රමවත් භාවිතය. ඒක නිසා ඩ්‍රෝන් ගත්තා කියල අල්ලපු වත්තෙ වෙන දේ ගැන බලන්න යන්නෙ නැතුව ක්‍රියේටිව් විදිහට වැඩක් කරන්න බලන්න.

Post a Comment

0 Comments