ලොව මේ වන විට භාවිත කරන Instant Messaging Apps අතරින් ප්‍රමුඛ යෙදුමක් වන Telegram යෙදුම අගෝස්තු 14 වැනිදා තම සත්වන සංවත්සරය සමරූවා. එහිදී ඔවුන් තම යෙදුම වෙත නව විශේෂාංග කිහිපයක්ද එක්කලා.
Telegram වල කතාව
2013 දි Russian Social Network එකක් වෙන VK වල නිර්මාතෘවරු වෙච්ච Nikolai Durov සහ Pavel Durov කියන සහෝදරයො දෙන්න එකතු වෙලා Open Source Cloud Based Instant Messaging Service එකක් වෙන මේ Telegram සේවාව නිර්මානය කලා. මේ වෙද්දි Telegram සේවාව මාසිකව මිලියන 400කට අධික පරිශීලකයින් ප්‍රමානයක් භාවිත කරනව කියල ටෙලිග්‍රෑම් ආයතනය කියනවා.
Telegram වල විශේෂත්ව කිහිපයක් තියෙනවා. මූලිකවම මේක Opensource Application එකක් නිසා මේකෙ රහසය භාවය 100% ක් ආරක්ෂිතයි. මොකද අපිට දැනගන්න පුලුවන් අපේ ඩේට කොහොමද හුවමාරු වෙන්නෙ වගේ දේවල්.
අනිත් කාරනය තමා මේක Cloud Based Application එකක් නිසා අපි යවන මැසේජ් හැම එකක්ම Encrypt වෙලා Save වෙනවා එයාලගෙ Servers වල. අන්න ඒක නිසා අපිට මේ Telegram App එක අපේ Device කිහිපයක එකවර පාවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙනවා.
Whatsapp Group එකක උපරිම Members ගනන 256 යිනෙ. ඒ වුනාට Telegram Group එකකට අපිට Members ලා 200,000 දක්වා එකතු කරන්න අවස්තාව සලසල දීල තියෙනවා. මෙන්න මේ වගේ ගොඩක් හේතු Telegram වල දැන් තියෙන ජනප්‍රියත්වයට බලපෑව.
Telegram වල අකටයුතුකම්
Telegram ඇතුලෙ මේ දීල තියෙන නිදහස නිසා ගොඩක් අකටයුතුකම් සිද්ධවෙන අවස්තා දකින්න පුලුවන්. Pirated Software, Games, Movies වගේ දේවල් වගේම Scam Bots, Crypto Scams වගේ දේවල් නිසත් Telegram Application එක මේ වෙද්දි අවුල්සහගත වෙලා තියෙනවා. කොහොමඋනත් පහුගිය කාලයෙදි DMCA දැනුම්දීම් අනුව Telegram සමාගම විසින් මේ Pirated Content එයාලගෙ Server වලින් ඉවත් කරන්න කටයුතු කරල තිබුනා
DMCA ක්‍රියාපටිපාටිය බලපාන්නෙ නැති රටක් වෙන රුසියාවෙත් මෙයාලගෙ Server පිහිටල තියෙන නිසා තාමත් සමහර Pirated Content තියෙන Telegram Groups අපිට බලාගන්න පුලුවන්
Video Call
මෙයාලගෙ හත්වන සංවත්සරයට සමගාමීව මෙයාල Telegram අළුත් Update එකෙන් තමන්ගෙ පරිශීලකයන්ට Video Calls පහසුකම හඳුන්වා දුන්නා. E2E Encrypt වෙන ඒ කියන්නෙ මැද ඉන්න කාටවත් ඒක බලන්න බැරිවෙන විදිහට තමයි මෙයාල මේක හඳුන්වල දීල තියෙන්නේ. ඒ වගේම මේ වසර ඇතුලත Telegram Group Calls හඳුන්වල දෙන්නත් මෙයාල බලාපොරොත්තු වෙනවලු.
0 Comments