නිළ ගමනාරම්භය

A tropical storm may delay SpaceX's first launch of people into ...

Nasa ආයතනය විසින් එයාලගෙ Space Shuttle Program එක 2011 දි නැවැත්තුවට පස්සෙ එයාල ISS එකට තමන්ගෙ මිනිසුන් ප්‍රවාහනය කලේ රුසියානු සෝයුස් කැප්සියුල් එක හරහා. මේ වැඩේ ගොඩක් මිළ අධික උනා වගේම ඇමරිකානුවන්ට සිදුවුනා තමන් එක්ක සීතල යුද්ධයක් තිබුන රුසියාවෙ නායකත්වයක් යටතේ මේ මිෂන් ඇතුලෙදි හැසිරෙන්න.

ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්න Nasa එක සහ SpaceX කියන ඇමරිකානු පෞද්ගලික සමාගම එකතුවෙලා CrewDragon මෙහෙයුම දියත් කරා. ඇමරිකානු අභව්‍යකාශගාමීන් ඇමරිකානු පොලොවෙන් ඇමරිකානු රොකට්ටුවකින් අභව්‍යකාශගත කරන මේ මෙහෙයුමේ Demo Mission දෙකක් මේ වෙනකොට අතිසාර්තකව කරල තියෙනවා. එතනිනුත් මේ CrewDemo2 කියන මෙහෙයුමේදී මෙයාල අභව්‍යකාශගාමීන් දෙපලක් ISS එකවෙත පිටත්කරල හැරිය සහ දින 60කට පස්සෙ බොහොම සාර්තකව නැවතත් පෘතුවියට පැමිනියා.

Crew-Demo 2 Splashdown

ඉතින් මේ Testing Flights වලින් පස්සෙ SpaceX ල ලැහැස්තිවෙලා ඉන්නවා මේ අවුරුද්දෙ ඔක්තොම්බර් 23 වැනිදා මේකෙ පලවෙනි මෙහෙයුම කරන්න. මේ ගමනට අභව්‍යකාශගාමීන් 4 දෙනෙක් සම්බන්ද වෙනවා සහ එයින් දෙදෙනෙක්ම කාන්තාවන්. සුපුරුදු පරිදි මේ ගමනට යොදාගන්නෙ SpaceX ලගෙ Falcon9 Block5 රොකට් එකක්.

SpaceX Crew-1 Commercial Crew Portrait.jpg

මේ ගගනගාමීන් හතර දෙනා Crew Dragon කැප්සියුල් එකෙන් ISS එකට Dock වෙලා දින 210 ක් ISS එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුමට යොදාගන්න කැප්සියුල් එක SpaceX ල මේ වෙනකොට හදමින් පවතිනව කියල තමයි ආරන්චිය

Post a Comment

0 Comments