ටෙස්ලා සමාගම යනු මෑතකාලීනව බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ සමාගමකි. මූලිකවම ටෙස්ලා සමාගම විදුලි මෝටර් රථ නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ද වූවත් ටෙස්ලා සමාගම සතුව විදුලිය හා සම්බන්ධ තව බොහෝ නිෂ්පාදන සිදුකරයි. සූර්ය පැනල, බැටරි පැක් වැනි දෑ ටෙස්ලා සමාගමේ මේ නිෂ්පාදන අතරින් ප්‍රධාන වෙයි
Tesla Powerwall යනු ටෙස්ලා සමාගම විසින් හඳුන්දුන් IoT වැනි තාක්ෂණයන් භාවිත කරන Battery Pack එකකි. ටෙස්ලා සූර්‍ය පැනල හෝ ඕනෑම සූර්‍ය පැනලයක් සමග සහ Grid එකට ( සාමාන්‍ය විදුලි ප්‍රවාහයට ) සම්බන්ඳ කර විදුලිය විසන්ඳු වූ අවස්තාවන්දී හෝ රාත්‍රී කාලයේදී භාවිත කර හැක. එක්සත් ජනපදය වැනි රටවල භාවිත කරන වේලාව අනුව විදුලි බිල පදනම් වන අතර ටෙස්ලා පවර්වෝල් මගින් OffPeek කාලයන්හීදී ආරෝපනය සිදුකරගෙන Peek Hour වලදී Tesla Powerwall හරහා විදුලිය භාවිතයෙන් විදුලි බිල අඩු කරගන්න පුලුවන්.
සාමාන්‍ය නිවාස වලට පමණක සීමා නොවී ව්‍යාපාරික අවශ්‍යතා සඳහාද ටෙස්ලා පවර්වෝල් සහ සූර්‍ය පැනල භාවිත කරනු දක්නට ලැබෙනවා
0 Comments