Fifty Shades Of Gray | මහත්වරුන්ගේ සැඟවුණු කතාව



සාම්ප්‍රදායික චිත්‍රපට කාලාවෙන් ඔබ්බට ගියපු චිත්‍රපට මාලාවක් . බටහිර රටක උනත් සාමාන්‍යයෙන් මෙවගේ චිත්‍රපටියක් සමාජයේ සම්මත නැ. හැමකෙනාම පිටින් මූනිච්චාවට ප්‍රතික්ෂේප කරලා ඒත් හොර රහසේ රස කර කර බලන අතිසාර්ථක කතා මාලාවක් මේ fifty shades  කියන්නේ .හැමදාම දකින නීරස චිත්‍රපට වල අවසානයදෝ කියලා හිතෙන තරමට මේක ලෝකෙ සාම්ප්‍රදායික රැල්ලට අභියෝග කරන්න මේ fifty shades of gray  එහෙම නැත්තන්  FSG ට පුළුවන් වෙලා තියනවා . මේක කතා තුනකින් සමන්විතයි . Fifty shades of gray  ඉන් පළමුවැන්න.

Fifty shades of gray කියන්නේ 2015දී ඇමරිකාවේදී නිපදවුණු කාමුක චිත්‍රපටයක් . පිටතින් බැලූ බැල්මට කාමුක චිත්‍රපටියක් වගේ පෙනුනට මේකෙ ඇතුලෙ දෙන්නෙක් අතර බැඳීමක තියන ආදරේ ,ආරක්ෂාව , අවධානය ,හැමදේම ගැනම වෙලාවට හොයලා බලන ඒ ආදරේක තියෙන්න ඕන හැමදේම ඕනවටත් වඩා තියනවා .




මේකෙ කතාව පැත්තට ගියොත් ප්‍රධාන කාන්තා චරිතය වෙන්නේ විසිඑක් හැවිරිදි Annestasia Steel . මේ චරිතය රඟපාන්නෙ Dakota Johnson විසින්. අනික් ප්‍රධානම චරිතය තමයි විසිහත් හැවිරිදි Christine Gray . Jamie Dornan රඟපාන මේ චරිතය තමයි මේ Fifty shades of gray  කතා මාලාව පුරාවටම ඉස්මතු වෙන ,ජනප්‍රියම චරිතය. Annestasia Steel වොෂින්ටන්හි ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන විශ්වවිද්‍යාලයීය සිසුවියක් . දිනක් තම මිතුරිය Kate Kavanag අසනීප වීම නිසා විද්‍යාලයේ මැගසින් එකට christine gray ගැන ආටිකල් එකකට අවශ්‍ය තොරතුරු ගන්න ඇයට  gray headquarters වන Gray house නම් christine gray  ගෙ කාර්යාලයට යෑමට සිදු වෙනවා. මිතුරිය ගැන අනුකම්පාවෙන් එහි යන annestasia ගෙ ජීවිතේ සම්පූර්ණම කනපිට පෙරලෙන්න ඒ සිදුවීම හේතු වෙනවා. Christine Gray  විසිහත් හැවිරිදි තරුණයෙක් . බිලියනපතියෙක්. අතිසාර්ථක ව්‍යාපාරිකයෙක්. අනපේක්ෂිත හමුවීමෙන් පස්සේ  annestasia  හඹා යන christine gray  ඇයට සැඳෑවක කෝපි බොන්න ආරාධනා කරනවා. එතැන් පටන් Christine Annestasia  අාදරේ කතා මාලා තුනක් පුරාවට ගලා යනවා.. 

මෙහි පළමු චිත්‍රපටයේදී Christine Annestasia  අතර කාමුක සිද්ධින් වැඩි වශයෙන් ඉස්මතු කර දක්වනවා . Christine Gray  චරිතය dominant වරයෙක් ලෙසත් Christine , Annestasia  ව තම submissive වරිය කරගැනීමටත් දරණ උත්සාහය හා Annestasia Steel  ගෙ ආදරය හමුවේ Christine ගේ ඒ අඳුරු ජීවිතේ නිමා වෙන හැටිත් මෙහිදී පෙන්වා දෙනවා. ආදරේකදි තියෙන්න ඕන අවධානය. ආදරේ වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම්  , දුක සතුට හැමදේම එක්කරපු අපූරු නිර්මාණයක් විදිහට  fifty shades of gray  හදුන ගන්න පුළුවන් . Christine Gray ගෙ ලිංගික ජීවිතේ කොහොම උනත් ඔහුගේ ඒ ආදරණීය බව සාමාන්‍ය ජීවිතේ අපිට පිරිමියෙක් තුළින් දකික්ක නොහැකි කරම් උසස්. ඒ වගේම Annestasia  . ඇය සාමාන්‍ය පවුලක කෙල්ලෙක් ඒත් අන්තිමේ බිලියනපතියෙක්ව වෙනස් කරන්න ඒ බිලියනපතියාව තවත් ආදායම් මාර්ග පෙන්නල දෙන්න තරම් ඒ විශාල බිලියනපතියාට අභියෝග කරන්නත් ඇයට හැකි වෙනවා. කාන්තාවකගේ දරාගැනීම , ශක්තිය , හැකියාව හා උපයෝගශීලී චරිතය මෙහිදී උපුටා ගැනෙනවා.

තවත් කතාව ගැන විස්තර නොකර මේ චිත්‍රපටය නිර්මාණය පැත්ත ගැන බලමු.

2011 වර්ෂයේ E.L. James ගේ fifty shades  පොත් මාලාව පාදක කරගෙනයි මේ චිත්‍රපට නිර්මාණය වෙන්නේ. විශිෂ්ට ගණයෙහිලා සැලකිය හැකි මෙම චිත්‍රපට පිටපත නිර්මාණය වෙන්නේ  Kelly Marcel අතින්. මෙහි වැදගත්ම කොටස එනම් අධ්‍යක්ෂණය Sam Taylor-Johnson ද නිෂ්පාදනය Michael De Luca සහ E.L.James ගේද වනවා. Dakota Johnson , Jamie Dornan , Jennifer Ehle , Mercia Gay Harden රංඟන දායකත්වයද සංගීතය Danny Elfman ද නිර්මාණ දායකත්වය ලබා දී තිබෙනවා .
සංස්කරණය Denra Neil-Fisher , Anne V.Coates, Lisa Gunning විසින්ද Focus Features , Michael De Luca Productions , Trigger Street Productions යන නිෂ්පාදක සමාගම්ද Universal Pictures යන අධ්‍යක්ෂක සමාගමද  මෙයට අතිවිශාල දායකත්වයක් සපයනවා.

2015 වසරේ පෙබරවාරි 9 ( Los Angeles )
2015 වසරේ පෙබරවාරි 13 ( United States) ද වශයෙන් මෙම fifty shades of gray  චිත්‍රපටය එළිදක්වා තිබෙනවා .
2015 වසරේ පෙබරවාරි 11 වනදා පැවති
හැට පස්වන බර්ලීන් ජාත්‍යන්තර සම්මාන උළලේදී මෙය තිරගත වනවා සමග 2015 පෙබරවාරි 13  Universal Pictures , Focus Features   යන සමාගම්ද මෙය එළිදැක්වුවා. මිනිත්තු 128ක් පුරා එනම් පැය දෙකයි මිනිත්තු අටක සම්පූර්ණ කතා කාලයකින් සමන්විත මෙය ඇමරිකානු ආදර + කාමුක ගනයේ චිත්‍රපටයකි. මෙයට ඇමරිකානු ඩොලර් මිලියන හතලිහක ( $40 million ) වියදමක් ගියද එය චිත්‍රපට ආදයම් වාර්තා සුනු විසුනු කරමින් මුලු ලෝකයක ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය වෙමින් ඇමරිකානු ඩොලර් මිලියන පන්සිය හැත්තෑ එකක ( $571 million ) ලබා තිබෙනවා. අදටත් එය ආදායම් ලබන චිත්‍රපටියක් ලෙස පුරා වසර පහකට ආසන්න කාලයක් තිස්සේ තව තවත් ආදයම් උපයනවා.

ඉතින් මෙච්චර සාර්ථක චිත්‍රපටියකට සම්මාන නොලැබෙන්න විදිහක් නැනේ.
විවේචන දහසක් මැදත් Fifty shades of gray  චිත්‍රපටිය , චිත්‍රපටියකට ලැබිය හැකි උපරිම සම්මාන රැසම හිමිකරගන්නවා. සිනමා ශාලාවල වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටය ලෙසත් ආදායම් වාර්තා රැසක්ද බිඳ දමින් මෙය ලොව පුරා කෝටි ගනනකගේ ආදරේ දිනාගන්නවා. 36th Golden Raspberry සම්මාන උළලේදී සම්මාන හයකින් පහක්මද , ප්‍රධාන චරිත දෙක සඳහාද සම්මාන හිමිකරගන්නවා. තවද Ellie Goulding ගේ Love me Like you Do යන ගීතය කිහිපවරක්ම හොඳම ගීතය ලෙස සම්මාන හිමිකරගන්නවා. කියලා නිම කරන්න බැරි තරම් සම්මාන රැසක් මෙය සතුයි.

කොතරම් විවේචනයට ලක් වුවත් එය තරම් මෑත කාලයේ සාර්ථක වුනු චිත්‍රපටියක් වෙන නැති තරම් කියලා කියන එක අතිශෝක්තියක් නොවේ. වියදමට වඩා සිය ගනන් අාදායම් ලබලා ලෝකෙ පුරාම ප්‍රෙක්ෂකයො මිලියන ගානක් අදටත් බලන මේ Fifty shades of gray  සාම්ප්‍රදායික රටාවෙන් මිදිලා කවුරුත් බොරුවට විවේචනය කරලා හොරෙන් රස විඳින්න උත්සහ කරන දේ බය නැතුව නිර්මාණයට නගපු චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුළුවන් .
මහත්වරු කියලා ඉන්න බිලියනපතියන්ගෙ ජීවිතේ කවුරුත් නොදන්න කතා නොකරන අඳුරු පැතිකඩක් එළි කරපු මෙම නිර්මාණය කතාවක්ම නොව ඇත්ත ජීවිතේ අදටත් එහෙම අය ඉන්නව සහ එයාලා ඒ තත්වයට පත් වෙන්න හේතුවත් ඒකෙ වේදනාවත් අපිට කියලා දෙන ලස්සන කතාමාලාවක් .

හිතන්නේ බිලියනපති හැඟීම සහ සෙක්ස් මෙලොව ඇති එකම සතුට කියාද නැහැ ඒක වැරදියි කියලා මේ කතාව අපිට කියා දෙනවා.

Post a Comment

1 Comments