
අර මුලින් කියපු දේවල් එක්ක ලංකාවෙ ප්‍රජාව අතර මේ Platform ජනප්‍රිය වෙන්න ගන්නවා. මේ අතරින් වැඩිපුරම ජනප්‍රිය වෙනවා Iq Option කියන Platform එක. මේක අර කලින් කියපු Platform අතරින් විශේෂ වෙන හේතු කිහිපයක් තියෙනවා.
- ඕනෙ කෙනෙකුට විනාඩි කිහිපයක් ඇතුලත තේරුම් ගන්න පුලුවන් UI එකක් තියෙන එක
- ගොඩක් ස්මූත් රන්වෙන ඇප් එකක් තිබීම
- ගොඩක් පහසුවෙන් Deposit කරන්න පුලුවන් වෙන එක
Youtube සහ Social Media වලින් මෙයාල මෙහෙම ජනප්‍රිය වෙනකොට මේකෙ අදහස වෙන ක්ලික් එකක් කරල, චාර්ට් එක යනකල් ඉඳල සල්ලි හොයන විදිහ ගොඩක් ලේසියි කියල තමයි බලන් ඉන්න කට්ටියට පෙනුනෙ. ඉතින් මේව බලපු හැමෝම වගේ මේ සඳහා යොමු වෙන්න පටන් ගත්තා.
Binary Brokers ල ගොඩක් එයාලගෙ කස්ටමර්ස්ලට ඩොලර් දාහක් විතර තියෙන Demo Account එකක් දුන්නා. මේ ඩීමෝ එකේදි යම් සාර්තක්වයක් ගන්න අය මේකට රියල් මනි ඩිපොසිට් කරන්න පෙලඹෙනවා.
මේ Binary Option වලදි එක මොහොතකින් Deposit කරමු මුදල් 100% නැතිවෙන්න තියෙන අවදානමක් තියේ. ඉතින් මෙහෙම හරි දැනුමක් නැතුව මේ Platform එකට Deposit කරපු 90% කගෙම මුදල් සම්පූර්නයෙන්ම වගේ නැතිවුනා.
මෙහෙම යද්දි මේ Binary කියන එක Online Gambling එකක් විදිහට මතුවෙන්න ගත්තා. මේ නිසා කොච්චර සල්ලි නැතිවුනත් ආයෙ සල්ලි දාල කරොත් කවදහරි ගොඩයන්න පුලුවන් වෙයි කියල විශ්වාසයක් ආවා. ඉතින් මේ විදිහට ආයෙ සල්ලි දදා නැතිකරගන්නකොට මේ ගැන වෙනත් පාර්ශවයන්ගෙ අවධානයත් යොමුවුනා.
මේ කාලෙදි ශ්‍රී ලංකාවෙ ආර්ථිකය හේතු කිහිපයක් නිසා ආගාධයට යමින් තිබ්බෙ. මේ Online Gambling නිසා ලංකාවෙ සල්ලි අනවශ්‍ය විදිහට පිටරටට ගලායාමක් වෙනවා. මොකද මේ Platform වල සල්ලි ඩිපොසිට් කරද්දි ශ්‍රී ලංකා රුපියල් ඩොලර් විදිහට පරිවර්තනට උනා. ඒ වගේම මේකෙන් වෙන Lost එක නිසා ආයෙ ඒ සල්ලි ලංකාවට ලැබෙන්න තියෙන අවස්තාව 1% වගේ පොඩි අගයක්. මේ හේතු නිසා ලංකාවෙ මහබැන්කුවෙ අවධානය මේකට යොමුවුනා
මහ බැන්කුව මේ දේ නවත්වන්න පියවර කිහිපයක් ගත්තා මේ Gambling නවත්තන්න.
- ලංකාවෙ වාණිජ බැන්කු වල Debit/Credit Card මගින් Binary Platform වලට සිදුකරන මුදල් ගෙවීම් අවහිර කරා
- ලංකාවෙ වාණිජ බැන්කු වල Debit/Credit Card මගින් Skrill/Neteller වලට සිදුකරන මුදල් ගෙවීම් අවහිර කරා
- ඒ වගේම Online Gambling ( Binary, Forex) කරන්න තියෙන සමහර Platform ශ්‍රී ලංකාවෙ නීතියෙන් තහනම් කලා
ඒ වගේම දැනට මේ දේවල් සාර්ථකව සිදු කරන අය වෙනුවෙන් යම් සහන කිහිපයකුත් සලසල තියේ.
- Neteller, Skrill මගින් සිදුකරන Withdrawal එලෙසෙම පවත්වාගැනීම
- Neteller, Skrill ගිනුම් පවත්වාගෙන යාම
මේ වෙනකොට සමහර බැන්කු වලින් හොරරහසේම මේවට තියෙන වාරන ටික කාලෙකට අයින් කරනවා. මොකද මේක මහබැන්කුවෙන් දීල තියෙන උපදෙසක් විතරක් නිසා. කොහොම උනත් ඉක්මනටම අපේ CSE එක වෙනුවෙනුත් ඕනෙ කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් Platform එකක් ඇවිල්ලා හොඳ වැඩ ටිකක් කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.
0 Comments