Just Talk With Sachin
අද චැට් එකත් එක්ක එකතු කරගත්තෙ අපි හැමෝම දන්න Sachin Dewthuru අයියව
- මේ දවස්වල වැඩ කටයුතු කෝමද- හොදයි, සතුටින් කරගෙන යනවා 😋
- ඔයා Graphic Designer කෙනෙක්ද, 3D ආකිටෙක්චර් කෙනෙක්ද, Video Editor කෙනෙක්ද ?
- ම්ම්ම් 🤔 ටිකක් අමාරු මාත් තාම උත්තර හොයන ප්රශ්නයක්. Graphic artist කෙනෙක් වෙන්නයි ආසාව. කරන්නේ ගොඩක්ම vfx, ඉතින් ඒකට ඕනේ වෙන නිසා ඔය සබ් කැටගරි ටිකක් follow කරනවා කියලා කියමුකෝ
- ඔය හැම එකක්ම කරන්න පීසී එකක් ඕනෙනෙ, මුලින්ම පීසී එකක් හම්බවුනේ කොයි කාලෙද ? මේ ෆීල්ඩ් එකට යොමුවෙන්න හිතුනෙ ඇයි සහ කොයි කාලෙද ?
- PC එකකට කලින් මට තිබ්බා android tab එකක්. මම graphic design වලට අත ගැහුවේ ඕකෙන් කිව්වොත් හරියටම හරි. PicsArt එකෙන් ඒ වෙනකොට ලංකාවේ ගොඩක් අය photoshop වලින් කරපු එඩිට් ටිකක් මම ඒකෙන් කරා. අදටත් ඒ ටික මගේ featured photo එකේ තියෙනවා. ඒ වෙනකොට ලංකාවේ PicsArt ජනප්රිය නෑ. එතනින් තමා ආසව ඇති උනේ මේ වැඩ වලට. මුලින්ම pc එකක් හම්බුනේ, O/L pass උනාට පස්සේ අම්මා අරන් දුන්නා laptop එකක් 2016 දී. ඒක 4GB රැම් එකක් සහ Onboard VGA එකක් තිබ්බ ලැප් එකක්. මන් මෑතක් වෙනකල්ම වැඩකලේ ඒ ලැප් එකේ.
- ඔයාගෙ ප්රොෆයිල් එකේ ෆොටෝ එඩිටින් වගේ දේවල් මට මතක විදිහට 2014 වගේ කාලෙක තමා පටන් ඇරන් තිබ්බෙ. එතකොට ඒව කලේ Picsart වලින්ද ?
- ඔව් හරියටම හරි.
- ඔයාගෙ වෘත්තීය ජීවිතට ගැන කතා කලොත්, Freelancing පටන් ගත්තෙ කොයි කාලෙද ?
- ම්ම් freelancing පටන් ගත්තේ 2018 මැදදි වගේ. ගොඩක් local project තමා ඒ වෙද්දි කරේ. පස්සේ fiverr, freelancer වලට ගියා. ඒ 2019 මැද වෙද්දි වගේ
- ඔයා ගැන කතා කරද්දි අපි ගොඩක් අය දන්නව ඔයාගෙ ප්රධානතම තැන් දෙකක් තියෙනවා වැඩ කරපු, රියෝ එක සහ FTT එක, මේකෙ මුලින්ම ඔයා ජොයින් උනේ රියෝ එකට. කොහොමද තරිඳු අයිය ඔයාව මේකට සම්බන්ද කරගත්තෙ
- ම්ම් මම හිතන්නේ එක තැනක් මිස් උනා. මම මුලින්ම වැඩ කරන්න ගියේ KodeX එකට. ඒ 3D artist කෙනෙක් විදියට, පස්සේ fb එකෙන් දැකලා තමා තරිදු අයියා මට කතා කලේ.
- KodeX එක ගැන මම වැඩිය දැනන් හිටියෙ නෑ. ඒක ගැනත් කියමු බලන්න
- KodeX එකට යන්න චාන්ස් එක හම්බුනේ මෙන්න මෙහෙමයි. Online enterpurner club එකේ කන්චුක අයියා දාපු පෝස්ට් එකකට thimira අයියා මෙන්ශන් කරලා තමා contact එක ඇති උනේ. නමුත් එතන intern විදියට මාස තුනක වගේ කාලයක් ඉදලා මමම කැමැත්තෙන් එතනින් අස් උනා.
- ඊට පස්සෙ රියෝ එකට ගියා ?
- රියෝ එකේ page එක handle කරන්න තරිදු අයියා කතා කරේ ඒ දවස්වලම තමා. අස්වෙන්න කලින් අතර කාලයේ
- FTT එක ගැන කියන්න කලින් අධ්යාපනය ගැන කතා කලොත් ඔයා A/L ලියන අවුරුදු කිහිපයෙ තමා ඔයාගෙ ස්කිල්ස් වැඩිදියුනු වෙලා ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයාව බැබලෙන්න ගත්තෙ. මේවත් එක්ක A/L බැලන්ස් කරේ කොහොමද ?
- ඔව්, මට සාමාන්යයෙන් දෙයක් එක සැරයක් කියපු ගමන් මතක හිටිනවා. ඉතින් මේ වැඩම තමා මම දවසෙන් ගොඩ වෙලාවක් කරේ. හැබැයි පාසල් කාලය තුල ඒ වැඩ වලටම focus එක දීලා කරන් ගියා. A/L වලට සතියක් තියෙද්දිත් fiverr order එකක් complete කරා. අන්තිම මාස තුනේ ගොඩක් A/L වලට කාලය යොදවලා කොහොමහරි දෙකම කරගත්තා
- විශ්වවිද්යාලයට යන්න අදහසක් තියේද ?
- අනිවාරෙන්ම. Nerual networks & Deep learning පැත්තටත් මම graphic තරමටම ආසයි.
- මේක මට දැන් ආපු ප්රශ්නයක් .. ඔච්චර දේවල් කරද්දි වෙලාව බැලන්ස් කරගන්න එකේ අපහසුතා එන්නැද්ද ?
- ඔව්, දවස මදි මට ගොඩක් වෙලාවට. නිදියන්නේ පාන්දර වගේ. ඒත් මේ හැමදේටම ආස නිසා ඒක දැන්නෙන්නේ නෑ. සමහර වෙලාවට ලොකු stress එකක් එනවා ඔලුවට. ඒ ඇර වෙන ප්රශ්නයක් නෑ.
- ආපහු යන් වෘත්තීය ජීවිතයට, FTT එකට එන්න කියල ආරාධනා කලේ කවුද ?
- අදීශ අයියා. අදීශ අයියට මාව හදුන්වලා දීලා තිබ්බේ Ravindu අයියා. අදීශ අයිය මට කතා කරල " මල්ලි අනිවාරෙන් උබ වරෙන් ftt එකට. උබ මං ලග ඉන්න ඕනේ එකෙක්. ගෙදරින් අහලා මට පුලුවන් ඉක්මණට උත්තරයක් දීපන්. හැබැයි කොල්ලෝ බෑ නම් කියන්න එපා ඔන්න මට දුකයි " කිව්වා
- Rio එකෙන් යන්න දුක හිතුන්නැද්ද ?
- අදටත් දුකයි, හැබැයි ගියේ නැහැ. තමාත් rio team එකේ ඉන්නවා මම. ඒකේ වැඩ ටිකත් ආයෙම පටන් ගන්න plan එකක් තියෙනවා ඉස්සරහට. කවදා පුලුවන් වෙයිද කියන එකනම් දැනටත් ප්රශ්නයක්.
- FTT එකට යන එක ඔයාගෙ ජීවිතේට බලපෑවෙ කොහොමද ?
- ගෙදරින් පිට වැඩ කරලා නෑ මම මීට කලින්, එළියට ඇවිල්ලා ජොබ් එකක් කරපු පළවෙනි වතාව. හැබයි FTT එක පවුලක් වගේ. එතන කිසිම අඩුවක් දැනෙන්නේ නෑ කිව්වනම් හරි
- අනාගත බලාපොරොත්තු මොනවද ?
- Degree එක කරගන්න. ලංකාවේ VFX වල ලොකු වෙනසක් කරන්න මැරෙන්න කලින්, සහ සතුටින් ඉන්න !
- දැන් ඔයාගෙ ස්කිල්ස් සාරාංශයක් විදිහට ගත්තාම මල්ටි ටැලන්ටඩ් කියල කියන්න පුලුවන්නෙ, මොකක්ද මෙහෙම මල්ටි ටැලන්ටඩ් වෙන්න ආස කරන කෙනෙකුට දෙන්න තියෙන උපදෙස
- එක සැරේ ඔක්කොම බදාගන්න යන්න එපා. මුලක් අල්ලගෙන ඒක ඉගෙනගෙන තමන් සෑහිමකට පත් උනාම ඊළග එකට ගියානම් වැඩේ හරි. පටලගන්න එපා, ආස දේවල් හෙමීට පිළිවෙලකට කරන්න.
- තෑන්ක්ස් අයියෙ කාර්යබහුල වෙලාවක චැට් එකත් එක්ක එකතු උනාට
- ඕක මොකද්ද ❤️ කාටහරි මේකෙන් වැඩක් වෙනවනම් එච්චරයි !
0 Comments