විශාදයේ ගොදුරක් වූ චෙස්ටර්


Linkin Park නම ඇහුනොත් එයට ආදරය කරන පිරිසට මතක් වෙන තවත් නමක් තමා Chester Bennington කියන්නේ. විටෙක ඔහු දේවදූතයකු මෙන් ගායනා කරද්දී තවත් විටෙක යක්ෂයෙකු මෙන් කෑගසයි. කෙසේවෙතත් මේ අසහාය ඇමරිකානු ගායකයා 2017 වසරේ ජූලි 20 වන දින (එනම් ඒ වසරේ Tommorowland සංගීත ප්රසංගය ආරම්භ වන දින) ලොවක් හඩවමින් මෙලොවින් සමුගත්තේ
විශාදය හේතුවෙන් සිය දිවි හානිකරගෙනය.
චෙස්ටර් ඉපදෙන්නේ 1976 මාර්තු 20 වෙනිදා ඇමරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේදී. මව හෙදියක් වූ අතර පියා ළමා අපයෝජන සම්බන්දව කටයුතු කරපු පොලිස් නිලධාරියෙක් වුනා. කුඩා කල සිට සංගීතයට ඇලුම් කල චෙස්ටර්ගේ ආසාවක් වුයේ එකල තිබු Stone Temple Pilot නම් සංගීත කණ්ඩායම හා බැදීමයි. පසුකලක ඔහුට එහි ප්රධාන ගාකයකා වීමටද අවස්තාව හිමිවෙනවා.
පවුල් පසුබිම කෙසේ වුවත් වයස අවුරුදු 7 දී චෙස්ටර් ඔහුගේ වැඩිමහල් පිරිමි යහළුවෙකු අතින් ලිංගික අපයෝජනයට ලක් වෙනවා. සමාජයෙන් "සමලිංගිකයෙකු" ලෙස හංවඩු ගසයි සිතා චෙස්ටර් මෙය සිය පවුලෙන් වසන් කරගෙන සිටිනවා.
කුඩා චෙස්ටර් 11 වෙනි වියේදී ඔහුගේ මව්පියන් වෙන් වෙන අතර පියා විසින් ඔහුව බාරගන්නවා. පසුව චෙස්ටර් අධික ලෙස මත්ද්රව්ය කෙරෙහි ඇබ්බැහි වෙනවා. චෙස්ටර් පාසලේදී මෙන්ම ඉන් පිටතදීත හිරිහැරයට ලක් වෙනවා. වයස 17 දී මව සමග වාසයට පැමිණෙන චෙස්ටර් නිවසින් පිටටත යාම තහනම් කරන්නේ ඔහු මත්ද්රව්ය වලට ඇබ්බැහි වූ බව දැනගැනීමත් සමගයි.
චෙස්ටර් Linkin Park කණ්ඩායම සමග එක වීමට පෙර තම මිතුරන් සමග ගීත ගායන කල අතර ඇල්බම් කිහිපයක්ද එළිදැක්වීමට සමත් වෙනවා Demo, Wake/Me, no sun today මේ අතර ප්රධාන වෙනවා.
පසුකලක Linkin Park සමග එකතු වන චෙස්ටර් එම කණ්ඩායමේ Mike Shinoda (දැනට Linkin Park හි එකම ක්රියාකාරී සාමාජිකයා වන අතර නැවතත් සංගීත කණ්ඩායම ආරම්භ කිරීමට කැමති බව 2018 වසරේදී ට්විටර් පණිවිඩයක් මගින් දන්වා ඇත) සහ අනෙකුත් සාමාජිකයක් සමග එක්වී සැලකිය හැකි ප්රගතියක් ලබාගැනීමට සමත් වෙනවා.
2000 වසරේ ඔක්තෝම්බර් 24 වන දින Hybrid Theory ඇල්බමය එළිදැකීමට Linkin Park කණ්ඩායම සමත් වෙනවා. මෙම ඇල්බමය 2005 වසරේදී RIAA (Recording Industry Association of America
) හිදී දියමන්ති සම්මානයෙන් පිදුම් ලබනවා.
චෙස්ටර් Linkin Park කණ්ඩායමේ සිටියදී බිහිවුන ප්රභල නිර්මාණ ලෙස In the end, Numb වැනි ගීත පෙන්වීමට හැකි අතර මෙම ගීත ද්විත්වය අසන ඕනෑම Linkin park රසිකයකුගේ රෝම කූප ප්රාණවත් වීම නොවනුමානය.

Image may contain: one or more people, people playing musical instruments, people standing and people on stage
 සිය දිවි නසාගැනීමට සති දෙකකට පෙර ලන්ඩනයේ Brixton Academy හිදී

චෙස්ටර්ගේ මානසික තත්වය ගත විට ඔහු තුල වූයේ සමාජයට විවෘත වූ කතාවකි. ඔහු කිසිවිටෙකත් තමා විශාදයෙන් පෙලන කෙනෙකු වුවද විශාදය පිළිබද සාකච්චාවට අකමැති නොවූ අතර මාධ්ය සාකච්චා වලදී පවා මේ පිළිබද විවෘත අදහස් දක්වා ඇත.
ඒ කෙසේ වුවද විශාදය යනු කෙතරම් බයානක මානසික රෝගයක්ද යන වග ලොවටම පසක් කරමින් 2017 ජුලි 20 වන දින අලුයම මෙම අසහාය පුරුෂයා කැලිෆෝනියා ප්රාන්තයේදී ගෙල වැලලාගෙන සිය දිවි නසාගන්නට විය.

Image may contain: 2 people, people sitting and indoor
සිය දිවි නසාගැනීමට පෙර දින රාත්රියේ තම පවුලේ සාමාජිකයන් සමග විනෝද වන අවස්තාවක්



Post a Comment

0 Comments