දහ අට සන්නිය



ශ්‍රී ලංකාව පාරම්පරික වෙස් මුහුණු කලාවට ප්‍රසිද්ධියක් උසුලයි. මෙම අපූරු කලාව අනුමාන වශයෙන් ශතවර්ෂ කිහිපයක් හෝ පැරණි කලාවක් බව කිව හැකිය. වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායයන් හා බැඳී පවතින් සාම්ප්‍රදායික කලාවකි
මෙහි එන " සන්නි " විශේෂ වේ
මිනිසුන් වෙත බැල්ම හෙළා ඔවුන් ලෙඩ කිරීමේ බලයක් මෙම සන්නි යකුන්ට ඇති බව විශ්වාසයයි. සන්නි යකුන් දහ අට දෙනෙක් බැවින් මෙය "දහ අට සන්නිය" ලෙස හැඳින්වේ.






1) භූත සන්නිය - තාවකාලිකව උමතුව ඇති කරවයි
2) කෝල සන්නිය- සන්නි යකුමේ ප්‍රධාන තැනක් ගන්නේ කෝල සන්නියයි. යකැදුරා ආතුරයා ලෙඩ කළ සියල්ලන් වෙනුවෙන් දොළ පිදේනි පුදකොට ආතුරයා අතැර යාමට සලස්වයි
3)දේව සන්නිය - සරම්ප, කම්මුල්ගාය, වසූරිය, පාචනය, උණ සන්නිපාතය, කොළරාව සාදවයි.
4) ගොළු සන්නිය - තාවකාලිකව ගොළු බව ඇති කරවයි
5)භීත සන්නිය - බිය වැද්දීමෙන් තාවකාලිකව සිහි නැති කරවයි
6)ගුල්ම සන්නිය - බඩේ රුදාව, ගුල්ම රුදාව ඇති කරවයි
7)පිස්සු සන්නිය - තාවකාලිකව පිස්සුව ඇති කරවයි
8)ජල සන්නිය - දැරිය නොහැකි සීතල හා වෙව්ලීම ඇති කරවයි
9)අමුක්කු සන්නිය - උදර වේදනාව හා වමනය ඇති කරවයි
10)කොර සන්නිය - අවයව කොරවීම, හන්දි ඉදිමීම ඇති කරවයි
11)ගෙඩි සන්නිය - ශරීරයේ ගෙඩි සාදවයි
12)කණ සන්නිය - තාවකාලික අන්ධභාවයට පත් කරවයි
13)මරු සන්නිය - මරණය සිදු කරවයි
14)වාත සන්නිය - වාතයෙන් ශරීරයේ සෑදෙන අසනීපද අංශභාගය ද ඇති කරවයි.
15)නාග සන්නිය - මෙම යක්ෂයාගේද දෘෂ්ටි හෙළීමෙන් නාග විසක් හා සමාන විසක් ශරීරයේ ඇති කිරීමද, බිබිළි දැමීම , ඉදිමීම සිදු කරවයි.
16)බිහිරි සන්නිය - තාවකාලිකව බිහිරි කරවයි
17)ගිනිජප සන්නිය - ශරීරය ගිනි ගත්තාක් මෙන් උෂ්ණය හා චීත්ත වේදනාව ඇති කරවයි.
18)කඩවර සන්නිය - ආතුරයා හා තමා වෙන් කළ ආරක්ෂිත කපොල්ල කඩා බිඳ දැමීමට මහන්සි ගනී

Post a Comment

0 Comments