පහුගිය කාලෙ වෙච්ච සෞඛ්‍ය අර්බුධ සහ සමාජ මාධ්‍ය ජාලා වල ට්‍රෙන්ඩින් වෙච්ච Made In Sri Lanka රැල්ලත් එක්ක කරළියට ආව කෙනෙක් තමා ආයුබොට් කියන්නෙ. ආයුබොට් කියන්නෙ සිංහල කතා කරන වෛද්‍ය සහයක රොබෝ කෙනෙක් කියල තමා හඳුන්වල තිබ්බෙ. අද අපි කතා කරමු ආයුබොට් හදපු පමුදිත අයිය එක්ක.
- මුලින් අයිය ගැන කෙටි හැදින්වීමක් කලොත්
- මගේ නම දන්නවනේ. 😅 මම a/l කලේ 2019 දැන් කැම්පස් යන්න ඉන්නේ. පොඩි කාලේ ඉදන්ම මේ වගේ projects කළා.
- එතකොට මේ රොබෝටික් ෆීල්ඩ් එක ගැන ආසාවක් ආවෙ කොයි කාලෙද ?
- පොඩි කාලේ ඉදලම තිබ්බා. Knight rider වගේ show වලින් inspire උනා පොඩි කාලෙදිම. මගෙ පළවෙනි රොබෝ හැදුවෙ මයස අවුරුදු 12දි, ඊට පස්සෙ 13, 14, 15 වයස්වලදි අවුරුද්දකට එකක් වගේ හැදුව. දැන් ඉන්න කෙනාව හදන්න ගත්තෙ 2017 දි
-Project Next එක ගැන කිව්වොත්
- Next කියන නම දාල මුලින්ම රොබෝ කෙනෙක්ව හැදුවෙ 2015. ඒකට කතා කරන්න පුලුවන් උනාට එච්චර සංකීරන නෑ. ඊට පස්සෙ ඒකෙ Sub Project එකක් විදිහට තමා අද අපි දකින Ayubot හැදුනෙ
- එතකොට අද අපි මේ දකින ආයුබොට් කියන්නෙ ඔයා අර හැදුව NextBot ගෙ අළුත් වර්ෂන් එකක්ද ?
- Next කියන නම හැම එකටම එනවා. Ayubot හදන්න පටන් ගත්තේ 2017 Project Next X කියලා. එක 2015 එක නෙවෙයි. Project Next X එක පස්සේ Ayubot වෙනවා අලුත් වර්ෂන් එකේ. Next කතා කලේ English විතරයි. Ayubot සිංහල කතා කරනවා. Next X එකේ ඉඳන්ම මේක Medical Project එකක් විදිහට තමා හදන්න ගත්තෙ
- AyuBotගෙ තියෙන විශේෂත්වය මොකක්ද? මොනවද එයාට කරන්න පුලුවන් කියල කිව්වොත්.
- එයාට සිංහල කතා කරන්න පුලුවන්, සිංහල අඳුරගන්න පුලුවන්, ඒ වගේම එයාගෙ දැනුමෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන්, දුරස්තව පාලනය කරන්න සහ දුරස්තව රෝගියෙක් සමග කතා කරන්න වගේ දේවල් පුලුවන් මූලිකව
- දැන් ඔයා මේ බොට් එක්ක අගමැතිතුමාව හම්බවෙන්න අවස්තාවක් හම්බුනා. ඔයාට කොහොමද ඒක දැනුනෙ සහ ඒ අවස්තාව හම්බවුනේ කොහොමද.
- සොෂල් මීඩියා වලින් රොබෝ ගැන කරපු විඩීයෝ එක ප්‍රසිද්ධ වෙලා තමයි ඉතින් අවස්ථාව හම්බුනේ. ලංකාවේ පලවෙනි සිංහල කතා කරන වෙද්‍ය සහායක රොබෝ විධියට එහෙම අවස්ථාවක් ලැබුන එක ලොකු ගෞරවයක්.
- අපි ආපහු ඔයාගෙ ස්ටාර්අප් එකට ගියොත්, ඔයා මොන වගේ ප්ලැට්ෆෝම් එක්කද මේ දේවල් පටන් ගත්තෙ. සහ දැන් ඔයා වැඩකරන්නෙ මොන වගේ ප්ලැට්ෆෝම් එක්කද ?
- දැනට Non Profit විදිහට යන්නේ Nextbots එක. ගොඩක්ම AI / Chatbots / Robotics සම්බන්ධ Projcts තමයි මේ වෙද්දි කරලා තියෙන්නේ. Next-chan, Next assistant ඒවගේ Projects තමයි. ඉඳිරියේදී Profitable විදිහට Projects පටන් ගන්න තීරණය කරලා තියෙනවා
- මන් කීවෙ ආඩුයීනෝ රාස්බෙරි වගේ
- එහෙම එකක් කියලා නෑ. Arduino මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ පොඩි අයට මෝනින් ක්ලාස් එකක් විදිහට කරලා තියෙනවා. අපි ඒ ක්ලාස් කාලේ නොමිලේ ඒ දවස් වල. මම දැන් කරන project වලට නම් අපි කෙලින්ම development board ගන්නේ නැ. Microcontroller අරන් අපිට ඕනේ විදිහට board හදා ගන්නවා.
- දැන් මේ රොබෝටික් හා ඒ සම්බන්ධ දෙයක් කරනකොට සාමාන්‍යෙයන් ලොකු මුදලක් වැය වෙනවා. ආයුබොට් සහ ඔයා හදපු අනිත් ඒවටත් ඒ වගේම වෙන්න ඇති. මේ දේවල් වලට සහ ඔයාගෙ වැඩ වලට ගෙදරින් උදව් කරන්නෙ කොහොමද ?
- මම මේ රොබෝ හදන්න ඕනේ අමුද්‍රව්‍ය දේවල් බාගෙට බාගායක්ම හොයාගත්තේ ඉවතලන දේවල් වලින්. මෝටර් driver පවා handmade. ඉතින් වියදමක් ගියේ නෑ. ගෙදරින් කියලා එහෙම බරක් නැ ඉතින්. 😅 කෙලින්ම මොඩියුල ගෙනල්ලා ඇසෙම්බල් කරන්න තමා ලොකු වියදමක් යන්නේ. Indastrial විදියට හදනකොට නම් වියදම් යනවා. මේකේ outer chasis එක 100 handmade. ඒවට ඕනේ ප්ලාස්ටික් පැනල් ගන්නෙත් පරණ බඩු කඩ වල රස්තියාදු වෙලා. මේ රොබෝගෙ අඟලක්වත් 3D Print කලේ නෑ
- අයිය හදපු සොෆ්ට්වෙයා ටික ගත්තොත්. දැනට කීයක් විතර හදල තියේද සහ ඇක්ටිව් එව්ව ගැන විස්තර ටිකක් කිව්වොත්
- දැනට Desktop Software තුනක් කරල තියේ. සහ ඉදිරියෙදි Mobile Apps කිහිපයක් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා
- Next Assistant - Offline Virtual Assistant
- Next Chan - Animated AI ChatBot
- Nextionary - Sinhala English Dictionary
- Robotic & Technology Field එකට එන්න ඉන්න අයට කියන්න දෙයක් තියේද 🙂
- මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම් සේරම චිණෙන් ගෙනල්ලා ඇසැම්බල් කරන මානසික ත්වේ වෙනස් කරන්න වෙනවා. වෙන කෙනෙක් හදපු ඒකක කෑලි අලවන්නේ නැතුව අලුතෙන් නිර්මාණශීලී ව හිතලා වැඩ කළොත් මේ ෆීල්ඩ් එකේ ලංකාවේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට coding designing දෙකම හදාගන්න ඕනේ. අපේ රටේ නිර්මාණශීලී කොල්ලො කෙල්ලෝ ඉන්නවා. ඉතින් ඒ ගොල්ලෝ වැඩේ අතාරින්නෙ නැතුව එකතු වෙලා වෙනසක් කරන්න උත්සාහ කරන්න ඕනේ.
- බොහොම ස්තූතියි චැට් එකට ආවට. අයියගෙ හිතේ තියෙන හැම දේම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤
- ස්තුති මල්ලි.
nextbots.lk මේ තියෙන්නේ පමුදිත සහෝදරයගෙ වෙබ් අඩවිය. ඔහු නිර්මානය කරපු දේවල් ගැන විස්තර සහ සොෆ්ට්වෙයා වගේ දේවල් මෙතනින් ලබාගන්න පුලුවන්

0 Comments