" Hey, it's Hannah. Hannah Baker. That's right. Don't adjust your...whatever device you're hearing this on. It's me, live and in stereo. No return engagements, no encore, and this time, absolutely no requests. Get a snack. Settle in. Because I'm about to tell you the story of my life "
ඔව් ඒ හැනා. සති දෙකකට කලින් තමන්ගෙ ගෙදරදි අධික වේදනාවක් විඳල සියදිවි නසාගත්ත හැනා බේකර්. ඇයි හැනා සියදිවි නසාගත්තෙ ? මේ ටේප් වල තියෙන්නේ මොනවද ?
Jay Asher කියන ඇමරිකානු ග්‍රන්ත රචකය විසින් 2007 දි රචනා කරපු 13 Reasons Why ග්‍රන්තය පාදක කරගෙන Netflix ල 2017 දි 2017 දි විකාශය කරන්න පටන් ගත්තු 13 Reasons Why කතා මාළාව අයත් වෙන්නෙ Teen Drama කැටගරි එකට. ලිබර්ටි උසස් පාසලේ හිටිය ජනප්‍රිය ගෑනුළමේක් වෙච්ච හැනා බේකර්ගෙ සියදිවි නසාගැනීම සහ ඇය විසින් ඒ ගත්තු තීරනේට හේතු සහ වගකිවයුත්තන් සඳහන් කරල ඇය පටිගත කරපු ටේප් කිහිපයක් වටා දිවයන මේ කතාව කතාමාලා 4 කින් සහ සම්පූරන කතාංග 48 කින් සමන්විතයි.
Dylan Minnette, Katherine Langford, Alisha Boe යන නළුනිලියන් රංගනයෙන් දායක වන 13 Reasons Why කතා මාලවේදී ඇමරිකානු උසස් පාසල් වල සිදුවන හින්සන නිසා පත්වන විශාද තත්වයන් පිලිබඳවද උසස් පාසල්වල සිදුවන අනිත් නීති විරෝධී ක්‍රියා පිලිබඳවද පෙන්වා ඇත. උසස් පාසලේ සිසුන්ගෙන් සිදුවන අඩතේට්ටම්ද හැනාගේ සියදිවි නසාගැනීමට බලපෑ හේතුවකි. ඒ බවද ඇය ඇයගේ ටේප්වල සඳහන් කර ඇත. හැනාට අඩතේට්ටම් කලේ කවුද ? ඇයගේ දිවිනසාගැනීමට ක්ලේත් හේතුවක්ද ? ඒ බව දැනගන්නනම් ඔබට කතා මාලාව නරඹන්නම වෙනවා
මේකෙ දෙවෙනි සීසන් එක ආරම්බයෙදි නෙට්ෆ්ලික්ස්ල අපූරු වැඩක් කරනවා. එයාල පටන් ගන්නවා වෙබ් සයිට් එකක් 13reasonswhy.info කියල වෙබ් සයිට් එකක්. ඒක හරහා ඔයාට පුලුවන් ඔයාට අවුලක් දැනුනොත් කොයිම මොහොතක හරි ජීවිතේ ඇති කියල හිතුනොත් කාටහරි කතා කරන්න පහසුකම් හදාගන්න. 13 Reasons Why සම්පූරන කතාමාලාව මේ වෙනකොට විකාශය වෙලා ඉවරයි. Netflix වෙබ් අඩවියෙන් ඔයාට ඒක නරඹන්න පුලුවන්

0 Comments