Just Talk With Hito



අද චැට් එකත් එක්ක එකතු කරගත්තෙ Starup Freelancer Hiteshi ව.

- ඔයා කවුද ?
- Artist කෙනෙක්, Cartoonist කෙනෙක් කියලත් කියන්න පුලුවන්

- නිකන්ම නිකන් Artist කෙනෙක්ද නැත්නම් විශේෂයක් තියේද ?
- ඔව් ඩිජිටලි නැතුව වෙනස් මාධ්ය වල අදින එව්ව කොල කැන්වස්, ඒව විකාර උනා බන් ගොඩක් එව්ව සහ ඩිජිටල් ආර්ට්ස් චීප් ඒක නිසා ඩිජිටල් කරන එක ලේසි. මොස්ට් ඉම්පෝටන්ට්ලි ඩිජිටල් ආර්ට්ස් වල අන්ඩූ බටන් එකක් තියෙනව 🙂😆

- මම එව්වට චිත්ර කියල කතා කරන්නද ?
- හා ඔයාට කැමති විදියක් මැට්ටො

- ඔයා චිත්ර අඳින්න පටන් ගත්තෙ කොයි කාලෙද, ඒ කියන්නෙ ඔය දැන් අඳින ස්ටයිල් එකෙන්
- මෙහෙමයි ස්ටයිල් එක ඩිවලොප් වෙවී වෙවී යනවනෙ මේ ස්ටයිල් එක පටන් ගත්තෙ 2018 අග වගේ ආට් ෆ්ලෝ එකෙන් චිත්ර අදින්න පටන් ගත්තම..ඊට පස්සෙ මෙඩිබෑන්ග් පේන්ට් වලින් ඇන්දා ගොඩ කාලයක්. 2020 මේ කොරෝන සීන් එකට පස්සෙ තමයි මේ ස්ටයිල් එක ස්තාවර උනේ

- ඔයා Freelancer කෙනෙක්ද ?
- නෑ සහ ඔව්

- ඇයි ඒ වගේ පිලිතුරක් දුන්නෙ
- හේතු කිහිපයක් තියේ, මට එන ගොඩක් ගිග් නතර වෙනව මම හිතන්නෙ මගේ එකෞන්ට් එක දැක්කම. මම ලෝගෝ ඩිසයින් කරන්න එච්චර ආස නෑ. ආර්ට්ස් විකුනන්න තරම් බේස් එකක් මට නැහැ. මම සූසෛඩ් කරගන්න ඉන්නෙකෙක් වගේනෙ පේන්නෙ ඉතින් වැඩේ ඇනහිටීවි කියල බයඇති ක්ලයන්ට්ල

- අදහසක් නැද්ද දැනට තියෙන ප්රසිද්ද Freelancing platform වල වැඩ කරන්න ?
- අදහසක් තියෙනවා ඒවට ජොයින් වෙන්න සහ දැනට ඒ ගැන වැඩ කරගෙන යනවා

- ඔයාගෙ මේ ආර්ට්ස් වලට පවුල් පසුබිමත් එක්ක සම්බන්දයක් තියේද
- ඔව් මම හිතන්නෙ කම්පියුට එක අරන් දුන්නෙ අම්ම. ඕ ලෙවල් වලට ඒ නමයක් ගත්තොත් ඩ්රෝවින් පෑඩ්ඩෙකක් අරන් දෙනව කියල කිව්ව ඩිලිවරි කරන්නෑ දැන් මේ ලබ්බ හින්ද. ඉන්ස්ටග්රෑම් දානව කියලයි පේජ් එකක් තියෙනව කියලයි ඒ ගොල්ල දන්නව. මගෙ වැඩ පාඩු කරගන්නකම් අවුලක් නෑ අම්මල මගේ ක්රියේටිවිටි එකට කැමතී. තාත්තනම් කම්පියුටර් එකට මරන තර්ජන කරනව හැමදාම රෑට

- දැනට ක්ලයන්ට්ල වෙනුවෙන් කොච්චර චිත්ර ප්රමානයක් ඇඳල තියේද ?
- ක්ලයන්ට්ල වෙනුවෙන් කියලම නං ඇදල තියෙන්නෙ ඇල්බම් කවර් දෙකක් විතරයි. තව Portraits පහ හයක් ඇඳල තියේ

- ඔයාගෙ දක්ෂතාවයට හරි මිළක් හොයාගෙන නෑ නේද ?
- නෑ, මම එහෙම මිළක් හොයන්න මහන්සි වෙලත් නෑ. මොකද මම චිත්ර අඳින්නෙ මගෙ ආතල් එක ගන්න සෝෂල් මීඩියා කියල දෙයක් තියෙන හින්ද මම ඒව මේවයෙ පෝස්ට් කරනවා

- ඔයාගෙ ස්ටයිල් එක ගොඩක් වෙනස් සහ ගොඩක් අය ආස කරනව ඒ ස්ටයිල් එකට, යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් නැද්ද
- බලාපොරොත්තුවක් තියෙනව kesh,jazza වගේ එන්ටර්ටේනින්ග් ආර්ටිස්ට් චැනල් එකක් පටන්ගන්න, ඒත් තාම කැමරාවට බයයි සහ ගෙදරින් ඉඩදෙන්නෙ නැති නිසා දැන්ම පටන් ගන්න හිතුවෙ නෑ, ඒත් අනිවාරෙන්ම ඊළඟ අවුරුදු දෙක වගේ ඇතුලෙදි ඔයාලට මගෙ චැනල් එකක් බලාගන්න පුලුවන් වේවි

- අනාගත බලාපොරොත්තුවක් තියේද ?
- තුන හතරක් තියේ එකක් ඇචීව් කරගන්න තමා හීනෙ

- කියන්න පුලුවන්ද ?
- ෆැෂන් ඩිසයිනර් කෙනකේ, ඇනිමේටර් කෙනෙක්, ඇනිම් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කැන්වස් වල Abstract අඳින්න ඕනෙ

- දවසට කොච්චර මැසේජ් ප්රමානයක් එනවද අනේ මගෙත් ආර්ට් එකක් ඇඳල දෙන්න කියල ?
- සතියට එකක් දෙකක් වගේ එන්නෙ, ගොඩක් අය මගෙ ස්ටයිල් එකට කැමති නෑ හෝ උන්ට මාව Strange පට්ට විදිහට

- ඇයි අනිත් අයට වඩා අමුතු කෙනෙක් වෙන්න හිතුනේ... Social Media ඇතුලෙ ගොඩක් ගුප්ත විදිහට ඉන්නෙ ඔයා ...
- මේක මගේ නෝර්මල් ලයිෆ් එක සාමාන්ය ජීවිතෙත් මම අමුතුයි ඉතිම් මම සෝශල් මීඩියාස් වලට ආව, එතනදිත් මම අමුතු එකෙක් කියපන්කො

- නම Hiteshi සහ DP එකේ ඉන්නෙ කෙල්ලෙක්... ගොඩක් අය හිතන්නෙ කෙල්ලෙක් කියල නේද ?
- ඒකට මට කරන්න දෙයක් නෑ, ඔය මම ආසම ෆික්ෂනල් කැරැක්ට එක මගෙ ඇත්තස නමා තමා හිටෙෂි කියන්නෙ. කවුරුහරි මැසේජ් එකක් දැම්මත් චැට් එක පටන් ගන්න කලින් මම කියනවා මම කොල්ලෙක් කියල

- තෑන්ක්ස් බම් චැට් එකට ආවාට
- මා ප්ලෙසර් බම්

Post a Comment

0 Comments