Just Talk With Saliya
අද චැට් එකට එකතු කරගත්තෙ ගොඩක් අය දන්න Saliya ව 😌
අද චැට් එක ටිකක් දිගයි, හැබැයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේ
- ඔයා ෆ්රීලාන්සර් කෙනෙක්ද ?
- ඔව්, දැනට එහෙමයි
- කොච්චර කාලකෙ ඉඳලද
- අවුරුද්දක් විතර මම හිතන්නෙ
- ඔයාව හඳුන්වන්න කැමති කවුරු කියලද ? ග්රැෆික් ඩිසයිනර් කෙනෙක් ?
- Freelance artist කෙනෙක් කියල
- ඔයා ෆ්රීලාන්සින් කරන ප්ලැට්ෆෝම් මොනවද ?
- Social networks වල තමයි... වෙනම freelance වලටම කියලා හදපු එවගෙ වැඩ කරන්නෙම නැති තරම් ආතල් එකට සබ් එකක් දෙකක් කරනවා.. හුගක්ම වැඩ එන්නෙ Instagram / facebook හරහා. Long term connection එකක් තියෙනව ලාවට.
- පටන් ගත්තු කාලෙට යමුකො. ඔයාව ගොඩක් ප්රසිද්ද Vector Portrait කරන කෙනෙක් හැටියට. මේ ෆීල්ඩ් එකෙන් ඔයා ඉස්සෙල්ලම ඉගෙන ගන්න පටන් ගත්තෙත් මේකමද ?
- Field එක කියලා අදහස් කරෙ මොන field එකද ?
- ඩිසයිනින්, ඩිජිටල් ඩිසයිනින්
- Vector portrait හුගක් වෙලාවට digital art field එකට යන්නෙ සමහර design project වලදි vector illustration කියන දෙ පාවිච්චි වෙනවා හිතෙ හැටියට... මම ඉස්සර logo design ගැන හුගක් ඉගෙන ගත්තා ඊට පස්සෙ කලයක් යද්දි Instagram එකෙ සහ YouTube එකෙ vector portrait කියන දේ දැක්කා ඇති වුන ආසාව නිසා vector art කීපයක් කරා.
- ඉස්සෙල්ලම කම්පියුටර් එකක් හම්බවුනේ කොයි කාලෙද සහ ඇයි ඔයා ඔය කියන විදිහෙ Artist කෙනෙක් වෙන්න සහ ඒ ගැන ඉගෙන ගන්න හිතුනෙ
- මැෂිමක් මටම කියලා මම ඇල්ලුවෙ හත වසරෙදි එ් කියන්නෙ මීට අවුරුදු පහකට විතර කලින්... Artist කෙනෙක් වෙන්න හිතුනෙ මට art වලට ලොකු කැමැත්තක් තිබ්බ නිසා ලොකුවටම art ගැන දැනුමක් නැති උනත් මම මට පුලුවන් විදියට art field එකට එන්ටර් උනා.. එතනදි මම වැටුන පාත් එක මට කම්ෆටබල් කියලා හිතුනා එ නිසා මම ආර්ට් ෆීල්ඩ් එකෙ දිගටම කාලයක් තිස්සෙ රැදිගෙන එනවා..
- ඔයාට සහ මට, තාම වයස පහලොවයි. පොදු ප්රශ්නයක් එනව අපි දෙන්නටම ගොඩක් වෙලාවට. මෙච්චර පොඩි කෙනෙක්ව, ක්ලයන්ට් කොහොමද විශ්වාස කරන්නෙ, පහුවදා එයාගෙ අම්ම පීසී එක පොලොවෙ ගහන්න පුලුවන්, ඉස්කෝලෙ වැඩ හින්ද දැන් බාරඇරන් ඉන්න වැඩේ මගදි ඇනහිටින්න පුලුවන්, මේ වගේ ප්රශ්න ඇවිල්ල නැද්ද ?
- ඇවිත් තියෙනව.. මම විබාගෙ අත ලග තියෙද්දි music video animation/album art බාර ඇරන් කරල තියෙනව... මම මොනයම් දෙයක් උනත් මාව client ට අල්ල ගන්න බැරි උනොත් ඒ කියන්නෙ හදිසි අකරතැබ්බයක් නිසා එහෙම උනොත්...මම තව මම වගේම මෙ ෆීල්ඩ් එකෙ කෙනෙක්ව එයාට රිකමන්ඩ් කරනවා... ප්රොජෙක්ට් එක හැන්ඩ්ල් කර ගන්න ඒ වගේ මම උපක්රම හුගක් වෙලාවෙ හැටියට පාවිච්චි කරනවා... හැබැයි ගෙදරින් එන ප්රශ්න් යම් තාක් දුරට සමනය වෙනවා මගෙ ඉන්කම් එක නිසා... යම්තාක් දුරට කිවට හුගක් ටෙම්පරි... විනාඩියක් විතර වගේ නිමිලා ඉදලා ආයෙ කෑ ගහනවා...
- අවුරුදු පහලවක පොඩි එකෙක් තමන්ට වඩා ලස්සන ආර්ට් හදද්දි අකුල් හෙලන්න කවුරුවත් හිටියෙ නැද්ද...? මේක ගැන දන්න නෑදෑයො අම්මට ඒම එක එක දේවල් කියනවද ?
- නෑ ඇත්තටම මගෙ නැදැයො ගැන කිව්වොත් මගෙ අම්මගෙ පැත්තෙ නැදැයොන්ගෙන් කීප දෙනෙක් මම කරන දෙවල් ගන දන්නවා... එ් අතර එක්කෙනෙක් මේ ආර්ට් කරනවා මගෙන් උනත් දන්නැති දෙවල් අහනවා එහෙම කිසි මත බේද නෑ.. හුගක් දුරට භෞතිකව මගෙ වටෙ ඉන්න අය වැඩිය මම කරන දෙවල් දන්නෙ නෑ...
- දැන් මේ සැරේ විභාගෙ. ඉගෙනීම් වැඩ කොහොමද මේවත් එක්ක බැලන්ස් කරන් යන්නෙ ? ඕලෙවල් වලින් පස්සෙ මොනවද තියෙන ෆියුචර් ප්ලෑන්ස් ?
- ඉස්කොලෙ ඉගෙනුම මම මට කැමති විදියට කරනවා. මම ගණිතය / සිංහල / ඉතිහාසය / විද්යාව වගේ විශයන් වලින් හුගක් දුරවලයි ඒත් දුකක් පසුතැවිමක් නැහැ මොකද මම අකමැති දෙයක් මට බැරි වෙනවයි කියන එක මගෙ හිතෙ ලොකු සිරිමක් ඇති කරන දෙයක් නෙවෙ...ෆියුචර් ප්ලෑන්ස් ගැන කිව්වොත්.. මම ඉන්නෙ දිගටම ෆ්රිලාන්ස් කරන්න ඒ එක්කම මම පුලුවන් උනොත් විතරක් ජොබ් ඔපචුනිටී එකක් හොයා ගන්නවා.. ( freelance +job > freelance > make jobs > rest මෙ වගේ ස්ට්රක්චර් එකක්මට දැනට තියෙනවා.
- ෆ්රීලාන්සර් කෙනෙක් විදිහට... ඔයා මේ වෙනකොට මොනවද ළඟා කරගෙන තියන දේවල් ?
- මම දැනට එහෙම කිසි දෙයක් ඇරන් නැහැ මොකද මම හම්බ කරනවා උනත් සල්ලි ඔක්කොම වගේ මම දාන්නෙ අම්මගෙ එකවුන්ට් එකට.. එහෙම කරන්නෙ මට මගේම කියලා දැනට සෙපරෙට් ජිවිතයක් නැති නිසා... මම ඒ සල්ලි ඉතිරි කරන්න හිතන් ඉන්නවා දැනට ඔයා කියනවා වගේ එකේක දෙවල් ඇරන් තියෙනවද ඇහුවොත් කියන්න තියෙන්නෙ මම මවුස් එකක් ගත්තා.. තව ඉස්සරහට ගෙදර අයගෙ අවසරයක් ලැබුනොත් ගන්න දෙවල් කිහිපයක් තියෙනවා ( graphic tablet/ camera / monitor ) ඔය ටිකට හරියන්න සල්ලිත් දනට හොයලා තියෙනව..
- දැනට ඔයා Digital Artist කෙනෙක් විදිහට කීයක් විතර හොයල තියේද ?
- මතක නෑ බං 50k වගෙ වෙන්න ඇති මම වැඩිය සල්ලි ගනන් කරන්නෑ
- ඒ වුනාට ඔයා ඊට වඩා නමක් හොයාගෙන තියෙනව ෆීල්ඩ් එකේ.. නේද ...?
- ඔව් හුගක් දුරට sandy කියන මගෙ නික් නේම් එක අද වෙද්දි මම ඒක හදපු කාලෙට වඩා ලොකු තැනකට ඇවිත් තියෙනවා.. සාමාන්යෙන් fb එක ඇතුලෙ හොද brand awareness එකක් දැක ගන්න පුලුවන් මගේ
- OL ඉවරවුනාම ඔයාගෙ ආර්ථික ස්ථාවරත්වයකට යනවද ?
- ඔව් එහෙම හිතන් ඉන්නව පුලුවන් වෙයි කියලත් හිතනවා..
- ඔයා මගෙ සිටුවේශන් එකේ ඉන්න නිසා පොඩි ප්රශ්නයක් කලින් ඒවට පිටින් ගිහිල්ලා අහන්න හිතුන මොකද ඒවත් මේකට බලපාන නිසා... පවුලෙ විස්තර චූට්ටක් කියන්නකො පුලුවන්නම්
- අම්ම ඉන්නවා තාත්තා ඉන්නවා අයියා ඉනන්වා ම් ඉන්නවා... අම්මා ගෙදර තාත්තා සර් කෙනෙක් දැන් පැන්ෂන් සහ සිල්ලර බඩු කඩයක් ත්යෙනව අයියා a/l කරනවා
- අන්තිම ප්රශ්නෙ ... තමන්ගෙ වයසෙ අනිත් අයට වඩා තමන් තැනක ඉන්නව කියල හිතට දැනෙනව ඇතිනෙ පොඩි ආඩම්බරයක්. තමන් ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයිද ?
- ඇත්තටම මම එහෙම ලොකු ආඩම්බරයක් නෑ පොඩි ආඩම්බරයක් තියෙනව මට මෙ කාලයෙදි කවුරු හරි මගෙන් වැඩක් ඉල්ලුවොත්... හේතුව තමයි කිසිම දෙයක් ස්ථිර කරන්න අමාරැ නිසා මම අඩාම්බරෙන් හිටියා වගේම අපෙ වයසෙ අයට මට කවදා හරි සර් කියන්න පුලුවන් තත්වෙට එයාලා දියුණු වෙන්න පුලුවන්... ( උදා:- පන්තියෙ කුඩු කාරයා චන්දෙ ඉලල්ලා ඌ ජනාධිපති උනොත් මට සර් නොකියා බං මචං කියන්න බෑනෙ). මම ඉන්නතැන ගැන මට පට්ට සතුටුයි. ඒ වගේම තව තව ඉස්සරහට ගිහින් තව තව දේවල් හොයන්න ආසයි. ඒ නිසා මෙ මෙ ඉන්න තන ගැන මට සතුටක් ත්යෙනව සැහීමක් නම් නෑ හැබැයි කවදාවත් ඒ තරම්ම මට මං ගන කුතුහලයක් තියෙනවා...
මචන් මම මේ චැට් එක මෙච්චර දුර යයි කියල හිතුවෙ නෑ.
මටත් මේකෙන් ඉගෙන ගන්න පුලුවන් උනා ගොඩක් දේවල්. තෑන්ක්ස් මචන් එකතු උනාට ❤
0 Comments